ජනාධිපති අපේක්ෂකත්වය එළියෙන් ගේන කෙනෙක්ට දෙන්නම්… අගමැති කම අපට ඕනේ

ජනපති අපේක්ෂකයා බාහිර ලෙස පැමිණේ නම් අගමැති කම අපේක්ෂකත්වය පොදු ජන පෙරමුණ වෙත ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අගමැතිකම ලබා දීම සාකච්ඡා කිරීම සඳහා යූඇන්පී ප්‍රබලයකු නාමල් රාජපක්ෂ හමුවූ බවට පළවු වාර්තා පිළිබඳ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ
අගමැතිකම දෙනවනම් පක්ෂය සමග මිස තමා සමඟ කතා කිරීමෙන් පලක් නැති බවයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළා.

“අද මැතිවරණ කමිටු පිහිටු වීම, කාර්යාල දැමීම , ගෙන් ගෙට යෑම වැනි දෑ ගැන සාකච්ඡා කළා. පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ දේශපාලන මණ්ඩලයයි.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ රටට ගැලපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ පක්ෂයට තිබෙන තැන ගැන අපි තීරණය කළ යුතු වෙනවා”

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...