වයස අවුරුදු 14 දැරිය මාස තුනක ගැබිණියක්.. මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

14 හැවිරිදි පාසල් සිසුවියක මවගේ අනියම් සැමියා වූ 52 හැවිරිදි බාප්පා විසින් තුන්මස් ගැබිනියක කළ පුවතක් දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණයෙන් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වයට මුහුණ දී සිටින දැරිය මේ වන විට 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.

දෙහිඅත්තකණ්ඩියේ අවට ගමකින් මෙම කනගාටුදායක සිද්ධිය වාර්තා වී තිබෙන අතර මව මෙම සිදුවීම දැනගෙන වසන් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය තම දියණියට නිසි ආරක්ෂාවක් රැකවරණයක් ලබාදීමට අපොහොසත් වී ඇති බව සඳහන්.

දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

දැරිය රෝහලකට ඇතුළත් කර වෛද්‍ය වාර්තාවක් දිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට දිසා විනිසුරුවරයා නියෝග කළා.

Latest News

error: Content is protected !!