දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමේදී කතානායකවරයා අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා.. හතරවටින් කතානායකට ප්‍රහාර

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස කටයුතු කිරීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය තුළ එම පත්වීම නීති විරෝධී පත්වීමක් බව තහවුරු වී ඇති බවත් එම පත්වීම සහතික කළ පාර්ලිමේන්තුවට මෙය විශාල අපකීර්තියක් යැයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා.

එහි දී අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අග්‍රාමාත්‍යතුමා ද සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ ක්‍රියාදාමය කතානායකවරයා විසින් විකෘති කර ජනාධිපතිවරයා වෙත ලියුමක් මඟින් යැවූ බව පෙන්වා දුන්නා.

“මේ ලියුම පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. එම වැරදි, අසත්‍ය, ව්‍යාජ ලියවිල්ල පදනම් කර ගනිමින් ජනාධිපතිවරයා විසින් පොලිස්පති පත් කළා. එය ව්‍යවස්ථා විරෝධීයි. අපි මේ කතා කරන්නෙ පුද්ගලයෝ ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. බලන්න මේ කියල තියෙන දේ. ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් සභාපති ලෙස මගේ තීරක ඡන්දය ද පක්ෂව ලබා දෙන බව කතානායකවරයා ජනාධිපතිවරයා වෙත ලියුමේ සඳහන් වෙනවා.”

එය සම්පූර්ණයෙන් වැරදි සහගත ක්‍රියාවක් බවත් කතානායකවරයා අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය හා ජනාධිපතිවරයා එම ලිපිය පදනම් කරගනිමින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ඔහු ප්‍රශ්ණ කර සිටියා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...