නේපාලයේ කඩා වැටුණු ගුවන් යානයේ නියමුවා හැර සියලු දෙනා ජීවිතක්ෂට

නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්ගත වෙමින් තිබියදී කඩා වැටී ගිනිගත් ගුවන් යානයේ නියමුවා හැර සෙසු පුද්ගලයින් 18 දෙනාම මිය ගොස් තිබෙනවා.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගුවන් නියමුවා මාරක අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

නේපාලයේ සයුර්යා ගුවන් සේවයට අයත් මෙම යානයේ සිටි තාක්ෂණික හා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 19 දෙනෙකු ගමන් කර තිබුණා.

Pokhara නම් සංචාරක ස්ථානය බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය ගුවන්ගත වී සුළු මොහොතක් ඇතුළත කඩා වැටී ඇති බවයි සඳහන් වුණේ.

යානය ක්ෂණිකව ගිනි ගත් බව වාර්තා සඳහන් කළා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...