ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමු ගනී

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 81 වන වියේ පසු වූ ඒ මහතාඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කළා.

1943 මාර්තු 8 වැනිදා ලුණුගල ප්‍රදේශයේ උපත ලබා ඇති ඒ මහතා මතුගම ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය හදාරනු ලැබුවා.

විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගැනීමටද ඔහු සමත් වුණා.

එමෙන්ම ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා 1970 දී ආචාර්ය උපාධිය ද හිමි කර ගත්තා.

පසුව වික්‍රමබාහු කරුණාරත්න ශ්‍රී ලංකාවට පැමිණ ශාස්ත්‍රීය ජීවිතයක් ආරම්භ කළ අතර ඔහු වාමාංශික දේශපාලනයේ ද ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.

Latest News

error: Content is protected !!