ක්‍රිකට් ගහනවනම් කොණ්ඩා මෝස්තර, පච්ච, මාල, කරාබු ගෙදර තියලා එන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉදිරි ජ්‍යාත්‍යන්තරය නියෝජනය කරන තරගවලදී ඔවුන් හැසිරිය යුතු ආකාරය ඇතුළු කොන්දේසි මාලාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් කණ්ඩායම වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට ඉදිරිපත් වන්නේ නම් පච්චා කෙටීම, මාල, කරාබු දැමීම තහනම් වන අතර කොණ්ඩය නිසිපරිදි කපා පිළිවෙලට පැමිණිය යුතුය.

තමන් පුහුණුකරු ලෙස සිටින්නේ තාවකාලික පදනමකින් වුවත් ජාතික ක්‍රීඩකයින් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගනිමින් සිටින පාසල් ක්‍රීඩක ක්‍රීඩකයන් ද සිටින බැවින් විනයක් සහිතව අඳින්න පළඳින්න ශ්‍රී ලංකා කණ්ඩායම පුරුදු පුහුණු විය යුතු බව සනත් ජයසූරිය මහතා සඳහන් කළා.

“අපි ලොකු ලොකු දේවල් කරන්න හදනනේ නෑ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙලක් ඇතුව කරන්න ඕන. දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරගවලට එනකොට ඔය කොණ්ඩ මොස්තර, කරාබු පච්ච වගේ දේවල් ගෙදර තියලා එන්න කියලයි”

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...