සමහර විට එයාට මගේ ආදරේ වදයක් වෙන්න ඇති.. කාවිංග පෙරේරා

ටෙලිවිෂන් ප්‍රේක්ෂකයින් අතර කාලයක් අතිශය ජනප්‍රියතාවට පත් වූ කාවිංග පෙරේරා අද වන විට ජනප්‍රිය නිවේදකයෙක්.

ටෙලි නාට්‍ය නිර්මාණවලින් දකින්න අඩු වුණත් නිවේදන වෘත්තියෙන් ඔහු නිතර දකින්න පුළුවන්.

කාවිංගගේ පෞද්ගලික ජීවිතය ගැන විවිධ මත කටකතා ගෙතුණු අවස්ථාත් අනන්තයි. අප්‍රමාණයි.

ඒ කතා ගැන මෑතක සහභාගී වූ රූපවාහිනී වැඩසටහනක් අතරතුර කාවිංග බිරිඳගෙන් වෙන් වී ගත කරන ජීවිතය ගැන මෙසේ පවසා තිබුණා.

‘…මම මේකට හරි ආදරෙයි. එකක් මම මට ආදරේ කරන්න පටන් අරන් තියෙනවා. කාවත් මට බලෙන් ළඟ තියාගන්න බෑ.

අපි ආදරේ කරන්නෙ අපිට ආදරේ කරන මිනිස්සුන්ට නෙවෙයි.

අපිව ගණන් ගන්නෙවත් නැති, අපිට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු පස්සෙ තමයි අපි හැමදාම ගිහිල්ලා ආදරෙන් පරාද වෙලා තියෙන්නෙ.

අපිට ආදරේ කරන මනුස්සයෙක්ට අපි ආදරේ කරා නම් මේ ලෝකෙ හරිම සුන්දරයි.

ආදරය කියන අකුරු හතරට මම කවදාවත් වෛර කරන්නෙ නෑ. මම කාටවත් කියන්නෙ නෑ ආදරේ කරන්න එපා කියලා.

මොකද මට වැරදුණා කියලා තව කෙනෙක්ට වරදින්නෙ නෑ. එයාට අල්ලගෙන ඉන්න පුළුවන්.

ඒ නිසා මම තාමත් මේ තනිකමට ආදරෙයි. මම තනිකමට ඇබ්බැහි වෙලා තියෙන්නෙ.

හැබැයි ඒක ඇතුළෙ මම මාව හොයනවා. මම මාව විඳිනවා. මට ආදරේ කරන්න පටන් අරන් තියෙනවා.

අපි කොච්චර මිනිස්සුන්ට ආදරේ කරත් සමහර මිනිස්සුන්ට ඒ ආදරේ දැනෙන්නෙ නෑ.

ඒකට හේතුව ඒගොල්ලො ආදරේ හොයන්නෙ සමාජෙ ඇතුළෙ.

සමාජයට ඕනි විදියට තමයි ඒගොල්ලො ආදරේ කරන්නෙ. ගෙදර ඉන්න මනුස්සයාට ඕනි විදියට නෙවෙයි ආදරේ කරන්නෙ.

සමහරවිට මගෙත් අඩුපාඩු තියෙන්න ඇති, සමහර ආදර කතන්දර ඇතුළෙ.

සමහර තැන්වල මගේ ආදරේ වදයක් වෙලත් ඇති….”

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!