පහත් සතුටක් ලබන උන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් හම්බ වෙයි පුතේ.. දිනිතිගේ වීඩියෝවක් විකෘති කළ අයට සංගීත්ගේ අම්මාගෙන් කණේ පාරක්

දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල කාලෙන් කාලෙට විවිධ පුවත් නිර්මාණය කරන රංගන ශිල්පිනියක්.

බොහෝ විට සයිබර් බුලින් වලටත් ගොදුරුවෙන කෙනෙක්.

මේ ලියන මොහොතෙත් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඇගේ වීඩියෝ පටයක් ගැනත් සමාජ මාධ්‍යවල ලොකු හා හූවක් යනවා.

දැක්කෙ නැද්ද තාම බැලුවෙ නැද්ද වගේ කමෙන්ට්ස් සිය ගාණක් එක්ක ෂෙයාර් වෙන ඒ වීඩියෝව ඇගේ සුසුම් රස්තියාදුව ඩ්‍රාමා එකේ කොටසකින් සංස්කරණය කරපු එකක් කියලයි අපට දැනගන්න ලැබුණේ.

මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා වන සංගීත් සතරසිංහත් ඔහුගේ සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබුණා.

“තමන් නොකරපු දෙයක් මෙහෙම විකෘති කරාම දැනෙන දේ තමන්ගේ නංගිට තමන්ගේ කෙල්ලට වෙනකල් දැනෙන්නෙ නෑ .ඒක උඹලට තවත් ආතල් එකක් විතරයි”

ඊට ඔහුගේ මව වන ජෙනී සතරසිංහ මහත්මියද අදහස් දක්වා තිබුණේ මෙහෙමයි.

“පුතේ බුදුහාමුදුරුවන්ටත් වෛර කරපු දෙව්දත් වැනි අය හිටියා. මගේ පුතාලට මෙච්චර කල් මඩ ගහලා ඔය වගේ අවජාතක බල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නෑනේ පුතේ . හොඳ බුද්ධියක් ශක්තිමත් මනසක් මගේ පුතාලට තියෙනවනේ . ඒ නිසා ඔය පහත් සතුටක් ලබන උන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් හම්බ වෙයි පුතේ. ඒ නිසා මගේ පුතාලට ආදරේ කරන හැම දෙනාගේම ආශිර්වාදය තියෙනවා.මගේ පුතාලා ඔයාලගේ ගමන යන්න පුතේ ඕවට සැලෙන්න ඕන වෙන්නෙ නෑ.”

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...