මොන හිතකින් කරපු අපරාධයක්ද? තාත්තා, අවුරුදු තුනහමාරේ දරුවගේ කකුලක් රෝදෙට අහු කරලා

24 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 03 යි මාස 06 ක පිරිමි දරුවෙකුට කෲර ලෙස සලකන බවට 118 කෙටි පණිවිඩ මධ්‍යස්ථානයෙන් ඇල්පිටිය පොලිසියට ලද පණිවිඩයක් මත විමශන ආරම්භ කර දරුවාගේ පියා ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි අරක්කැමිවරයෙකි.

සැකකරුගේ වයස අවරුදු 24 ක් වන බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර සැකකරු සහ මෙම දරුවා පමණක් නිවසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටීමේදී පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෲරත්වයට පත් කර තිබෙනවා.

විර්මශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර පියා මෙලෙස දරුවා කෲරත්වයට පත්කිරීම් වීඩියෝගත කර විදෙස්ගත දරුවාගේ මවට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.

අදාල වීඩියෝ පටය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ආකාරය ද දැකගත හැකියි.

ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...