ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපි පිළිගන්නේ නැහැ.. පොලිස්පති ධුරය හිස් නොවුණ සේ සැලකිය යුතුයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රාජකාරී අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රජය පිළිනොගන්නා බවත් එය වලංගු නැති බවත් බලරහිත කිරීමට කටයුතු කළ යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළා.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව ද ඔහු එහි දී කියා සිටියා.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින පොලිස්පති ධූරය හිස් නොවන බවයි.

“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” යනුවෙන් ද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...