පොලිස්පතිවරයා නිල ඇඳුම ගලවලා සිවිල් ඇඳුමෙන් ඇවිත් පොලිස්පති ලෙස කටයුතු කරනවා විපක්ෂය කියයි

පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට නිල ඇඳුම ගලවා සිවිල් ඇඳුමෙන් පැමිණ තවමත් එහි කටයුතුවලට බලපෑම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එහි දී රජය පාර්ශවය අදහස් දක්වමින් එය ප්‍රතික්ෂේප කරන බවත් නිල ඇඳුමින් හෝ එසේ නොමැතිව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ නැති බව සඳහන් කළා.

එහි දී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එසේ නම් පොලිස්පතිවරයා වස්ත්‍රයක් නොමැතිව හෝ එහි පැමිණ ඇති බවයි.

“එහෙනම් වස්ත්‍රයක් නැතුව ආවද දන්නෙ නෑ. අගමැතිතුමා ලැජ්ජයි. මමත් රාජකීයේ. එතුමත් රාජකීයේ. රාජකීයේ ළමයි ඇවිත් ගැලරියේ බලන් ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වලංගු නෑලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අප කිසිවකුට අයිතියක් නෑ. අද රාජකීයෝ දෙන්නෙක් එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් උල්ලංඝ්නය කිරීමට කටයුතු කළා.”

පොලිස්පතිවරයාගේ රාජකාරි අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව විවේචනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (26)පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ කණ්ඩායම් ඊට එරෙහිව අදහස් දැක්වුවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!