මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකියි.. පොලිස්පති පත් කිරීම්වලින් ඉවත් වන බව ජනපති දැනුම් දෙයි

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදුවුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇතැයි කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව තමා එම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ඔහු කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

මේ අතර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති අතර එබැවින් අදාළ නීති ගැටලුව විසඳා ගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා දින (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, ඔහු පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කරමින්.

එමෙන්ම පෙත්සම් විභාගය නිමවන තෙක් පොලිස්පති ධුරය සඳහා නීත්‍යනුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...