ධම්මික ජනපති, නාමල් අගමැති.. රනිල්ට අපේක්ෂකත්වය ඉල්ලා වජිර මහින්ද ගාව ඇඬුවත් තීරණය වෙනස් නොවුණ හේතුව එළියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කිරීමත් සමඟ පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය ධම්මික පෙරේරාට අනිවාර්යයෙන් හිමි වන බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

“බොහොම හොඳයි එයා ගිහින් උදේ පාන්දර ඇප මුදල් බැන්දා කියන්නේ පොහොට්ටුවට තව දුරටත් එයා එක්ක සම්බන්ධයක් නැහැ. සඳුදා අපි දේශපාලන මණ්ඩලය රැස්වෙලා පොදු ජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරාව සම්මත කරගන්නවා. ඊට පස්සෙ ඇප මුදල් බැඳලා අගෝස්තු 15 වෙනකොට අපි නාම යෝජනා භාර දෙනවා.”

තව දුරටත් බලපෑම් එල්ල වෙමින් පැවතිය ද බැසිල් රාජපක්ෂ මහතා සෘජු තීරණයක් ගෙන අවසාන බව ද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

“වජිර අබේවර්ධන ඇවිත් ඇඬුවා මහින්ද අයියා ගාව. අපේ එක්කෙනාට අපේක්ෂකත්වය දෙන්න කියලා. ඒවට ඉතින් බැසිල් අයියයි මහින්ද අයියයි ඇහුම්කනවා දෙනවා විතරයි’

එමෙන්ම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන නාමල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වෙත පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ බව ද උදයංග වීරතුංග මෙහි දී සඳහන් කළා.

තරුණ නායකයින් ලෙස නාමල් රාජපක්ෂත් ධම්මික පෙරේරාත් ඉදිරියට ආ යුතු බව පක්ෂය විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු පවසන ආකාරයට ධම්මික පෙරේරාට ද ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නාමල් රාජපක්ෂ අගමැති කරවීමේ එකඟතාවය හා දැඩි කොන්දේසි මත පමණයි.

පෙර පුවත..
පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ධම්මික.. අගමැති අපේක්‍ෂක නාමල්..

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!