තව මාස දෙකයි.. කමක් නෑ ඔන්න ඔහේ කකුළුවා උණු දිය හැළියේ නටපු දෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උම්මන්තක ආකාරයෙන් අධිකරණය සමඟ ගැටුමක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජන වරමක් ලබා නොගෙන හොර පාරවලින් සිය බලය තහවුරු කර ගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු හා අවසන එම සියල්ල අධිකරණය මඟින් ව්‍යර්ථ කිරීමෙන් පසු ඔහු උම්මන්තක ලෙස හැසිරෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

තමාට සිතැඟි ආකාරයට පාර්ලිමේන්තුව මෙහෙයවීමටත් තමාට සිතැඟි ආකාරයට අධිකරණය මෙහෙයවීමටත් උම්මන්තක ආශාවකින් පෙළෙන බව ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් ඔහු මෙසේ පවසා සිටියා.

“දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුව ඉතා පැහැදිලියි ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගනු ලැබුවේ ඔහුගේ පත්වීම නීත්‍යානුකූල ද කියන කාරණය. යම් පත්වීමකින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වේයැයි පුරවැසියකු සිතනවා නම් ඔවුන්ට ඕනෑම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි. ඒ අනුව තමයි දේශබන්දුගේ පත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබුවේ. මැතිවරණයක් ආසන්නයේ නැවත සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ පත්වීම මඟ අරමින් ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් කළා. අපි කියනවා ඒ කිව්ව කතා පුළුවන් නම් එළියේ කියන්න. ඒ වගේම අපි දේශබන්දුට කියනවා එක ටෙලිෆෝන් පණිවිඩේකට චක්‍රලේඛයකට පොලිස් දෙපාර්තමේන්තුව ලබා දෙන නිවේදනයකට එක අත්සනක් ගහන්න.”

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...