බැසිල් රනිල්ගෙන් මස් රාත්තලම ඉල්ලලා.. තවත් සාකච්ඡා වටයක් එකඟතාවෙන් තොරව අවසන්

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) හමුවීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින් ඉල්ලා සිටි බව වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...