තුට්ටුවට දෙකට වැටුණු මාස් පඩිපත

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 – 2024 අතර කාලයේදී අඩුවී ඇති බව මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පවසනවා.

වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වී ඇතැයිද ඔහු සඳහන් කළා.

මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් පනස් දහසක පමණ වැටුපක් ලැබූ අයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද වනවිට රුපියල් තිස් දෙදාහක් දක්වා පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා රුපියල් ලක්ෂයක පඩියක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් 64000ක් බවද කියා සිටියා.

එසේම රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද අතුකෝරල මහතා පවසනවා.

එසේම රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අයකුට බදු ගෙවීමටද සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...