ජනාධිපතිවරණයට පැය 24 ක් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තැතක්

ජනාධිපතිවරණය පැවැත්වීමට පැය 24ක් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පවත්වන බව ප්‍රකාශ කොට ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ මෙසේ හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතව ඇති බව සඳහන්ය.

එසේ වුවහොත් ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් සහ ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන තෙක් දැනට සිටින කැබිනට් මණ්ඩලයම අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි තත්ත්වයක් යටතේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම නිසා මහ මැතිවරණය පවත්වන තෙක්ම කටයුතු කිරීමට සිදුවනු ඇත්තේ එසේ පවතින අන්තර්වාර කැබිනට් මණ්ඩලය සමගය.

ඒ ආකාරයට නව ජනාධිපතිවරණයෙක් පත්වුවද රට ඇතුළේ ව්‍යාකූල තත්ත්වයක් මතුකරලීම සඳහා මෙසේ ජනාධිපතිවරණයට දිනයක් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරනු ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂවල මතය වී තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...