ආසියාවේ ප්‍රථම වතාවට ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනී

මෙරට දේශපාලන ප්‍රචාරණ ක්‍රමය තුළ නව්‍ය පරිච්ඡේදයක් සනිටුහන් කරමන් AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (27) පෙරවරුවේ සිදුවුණා.

මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ, ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI සහය ලබාගන්නා පළමු අවස්ථාව වීමයි.

ආසියාවේ දේශපාලන නායකයෙකු තම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා AI තාක්ෂණය පාවිච්චි කරන පළමු අවස්ථාවද මෙයයි.

පුරවැසියනට භාෂා ත්‍රිත්වයකින් AKD වෙබ් අඩවිය වෙත ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීම විශේෂත්වයක් වන අතර එම ගැටලුවලට ඒ අවස්ථාවේම පිළිතුරු සැපයීම ද සුවිශේෂී ප්‍රවණතාවකි.

NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියනට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන අතර මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතී.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...