සුසිල්, සාගලත් මහින්ද ළඟ අඬයි

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී හමුවූ බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදු ජන පෙරමුණ පක්ෂ සහයෝගය ලබා දෙන්නයි එහි දී ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සඳුදා පැවැත්වීමට නියමිත පක්ෂයේ විධායක කමිටුවේ රැස්වීමේදී එය අවසන් වශයෙන් තීරණය කරන බව හිටපු ජනාධිපති රාජපක්ෂ ඔවුන්ට දන්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

error: Content is protected !!