දිනේෂ් ගුණවර්ධන නඩු අසන්න වාඩිකරවන්නැයි යෝජනාවක්

ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නඩුකාර ලෝගු ඇඳ ගෙන පාර්ලිමේන්තුවේ නඩු ඇසිය යුතු යැයි, මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝ පවසා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ තීන්දු බලරහිත කරන්න අගමැති කතා කරනවා නම් රටේ අධිකරණ වහල දාලා, දිනේෂ් ගුණවර්ධන නඩු අහන්න වාඩි කරවිය යුතු බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ.

“පොලිස්පතිවරයා පත් කරලා තිබුණේ කථානායකවරයා වැරදි අර්ථකථනයක් දීලා නිසා තමයි එය අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබුණෙ. තාවකාලිකව පොලිස්පතිවරයාගෙ වැඩ අත්හිටුවන්න. ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩු පක්ෂ ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායකය බැඳිලා ඉන්නවා. දැන් කියනවා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දුන්න එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බල රහිත කළ යුතුයි කියලා, එහෙනම් මේ අධිකරණ ඔක්කොම වහලා දාලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා නඩු අහන්න කියන්න ඕන දිනේෂ් ගුණවර්ධන.

එහෙනම් අගමැති ඔතන ඉන්නෙ නැතුව නඩුකාර ලෝගු ඇඳ ගෙන ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඕනෙත් නෑ. මහා අධිකරණය ඕනෙත් නෑ කියලා. එයා ප්‍රකාශයක් කරන්න ඕනේ. මෙහෙම නඩු තීන්දු ඕන්නෑ, අපි තමයි නඩුව අහන්නේ කියලා. කැකිල්ලේ තීන්දු දෙන්නේ පාර්ලිමේන්තුව.”

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නා හිමියෝ ඒ බව පවසා සිටියා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...