ඔලිම්පික් සමාරම්භක උළලේ දකුණු කොරියාවයි උතුරු කොරියාවයි පැටලිලා ලෝක යුද්ධයක්

පැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උතුරු කොරියානුවන් ලෙස වරදවා හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් දැඩි ලෙස සමාව ඇයද සිටිනවා.

උද්යෝගිමත් ධජ අතැති දකුණු කොරියානු කණ්ඩායම සේන් නදිය දිගේ යාත්‍රාවක් මත නැගී යද්දී ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදකයෝ ඔවුන්ව හඳුන්වා දුන්නේ “කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය” ලෙසයි. එය උතුරු කොරියාවේ නිල නාමයයි.

උතුරු කොරියාවේ කණ්ඩායම යාත්‍රා කරන විට ඔවුන් එම නාමයම භාවිත කරමින් ඔවුන්ව හඳුන්වා දී තිබුණා.

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු කොරියානුවන් දෙකඩ වී ඇති අතර, මෙම තත්‍ත්වය මතු වූයේ රාජ්‍යයන් දෙක අතර ආතතීන් මෑතකදී තව දුරටත් උත්සන්න වූ වාතාවරණයකයි.

කෙසේ වෙතත් රූපවාහිනී විකාශනය අතරතුර උපසිරැසිවල රටේ නම නිවැරදිව සටහන් වුණා.

දකුනු කොරියානු ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ මෙම අපහසුතාවය සම්බන්ධයෙන් “රජයේ මට්ටමින් ප්‍රංශයට දැඩි පැමිණිල්ලක්” ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...