ජනපති සටනට එනවා.. ජනපති මුල්ම වරට නිවේදනය කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ ගාලු නගර සභාවේ මේ වන විට පැවැත්වෙන “එක්ව ජයගමු” ජන රැළියට එක් වෙමින්.

ජනාධිපතිවරයා මේ පිළිබඳ කළ මුල්ම නිවේදනය මෙයයි.

රනිල් වික්‍රමසිංහ මහතා එහි දී මෙසේ සඳහන් කළා.

“ගාල්ල මට විශේෂයි. මගේ පිය පෙළ පතින් මට ආවේ ගාල්ල. මේ නගරෙ එක්ක ඒ සම්බන්ධය තියෙනවා. අද මං මේ නගරෙට ඇවිත් තියෙන්නෙ විශේෂ වැඩ කටයුත්තක් සඳහා. ඒ මෙතනට ඇවිල්ලා මම ජනාධිපතිවරණයට තරග කරනව කියල දැනුම් දෙන්නත් ඒ වගේම මගේ ඇප බැඳල තියෙනව කියන්නත් මං කැමතියි. මම හොඳට හිතල බලලා තමයි මේ තීරණය ගත්තෙ. ඇත්ත වශයෙන්ම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මීට වඩා හිතල බලන්න සිදු වුණා.”

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...