රත්නපුර කේන්ද්‍ර කරගෙන රටේ මැණික් කර්මාන්තයේ පුනරුදයක් බිහි කිරීමට සජිත් සූදානම්

දැවැන්ත කර්මාන්‍ත විප්ලවයක් රත්නපුර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක කරන බවත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පුනරුදයක් ඇති කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

“රුවන්පුරය බල ප්‍රදේශයේ මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධ බල ප්‍රදේශයක්. ලෝකයේ මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ඩොලර් බිලියන 200 ක කර්මාන්තයක්. හැබැයි අපේ රටේ අක්‍රමවත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය තුළ මැණික් කර්මාන්තයේ බරපතල කඩා වැටීමක් තිබෙනවා.”

පතල් කරුවන්, පතල් හිමිකරුවන්, පතල් කම්කරුවන්, තාක්ෂණවේදීන්, ව්‍යාපාරිකයන්, අපනයනකරුවන් ආදී සියලු පාර්ශව සුරක්ෂිත කරන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බව ඔහු සඳහන් කළා.

“රළු ගල් සහ ඒ සම්බන්ධ අනෙකුත් ආම්පන්නවලට ඇති කර තිබෙන වැට් බද්ද පහුගිය කාලේ තිබූ ඩොලර් 200 ක්‍රමවේදය ආනයනවලට ක්‍රියාත්මක කර අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට ශක්තියක් ලබා දීමට අප කටයුතු කරනවා. අපේ රටේ වැට් එක දාල තියෙන නිසා බැංකොක් හොංකොංවල මැණික් කර්මාන්තය ඉහළට ගිහින් තියෙනවා. අපි ඒක ආපසු හරවලා රත්නපුරය කේන්ද්‍ර කරගෙන මේ රටේ මැණික් කර්මාන්තයේ පුනරුදයක් ඇති කරනවා”

පතල් කරුවන්ට බදු රහිත අධිබලැති යාන්ත්‍රෝපකරණ ලබා දීම, ඉඩම් ලබා දීම නිසි ක්‍රමවේදයකින් ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

විරැකියාවෙන් පෙළෙන තාරුණ්‍යට අභීත ශක්‍තියක් ලබා දී කිසිවකුට අත නොපා ජීවත්වීමට හා ස්වශක්තියෙන් සමාජයේ නැඟී සිටීමේ අවස්ථාව උදාකර දෙන බව ඔහු සඳහන් කළා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම කේන්ද්‍ර කරගත් කර්මාන්ත පුරවර, තාක්ෂණ උද්‍යාන, ඇගලුම් අපනයන, නිෂ්පාදන කර්මාන්ත භාණ්ඩ අපනයන කරන දැවැන්ත කර්මාන්ත විප්ලවකාරී නිර්මාණය කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!