සමගි ජන බලවේගයේ ඉෂාක් රහුමාන් ගාල්ලේදී රනිල්ගේ වේදිකාවට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා.

ඒ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ අද (27) පැවති ‘එක්ව ජයගමු ‘ රැලිය අතරතුරදීය.

ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.

මේ අතර, ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...