2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දර්ශනීය අවස්ථා

2024 ඔලිම්පික් උළෙල පැරිසියේ දී ඊයේ (26)විචිත්‍රවත් උළෙලක් ලෙස ආරම්භ වුණා.

ඒ ප්‍රංශයේ සෙන් ගංගාව දෙපස රැස් වුණු දහස් ගණන් ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සෙන් ගඟ දිගේ යාත්‍රා කිරීම මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙලේ විශේෂම සිදුවීම වුණා.

ක්‍රීඩාංගනයක් නොවන ස්ථානයක දී ඔලිම්පික් උළෙලක් ආරම්භ වූ පළමුවන අවස්ථාව ලෙසයි එය ඉතිහාස ගත වුණේ.

‘බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කරන ලද’ යන්න තේමා කර ගත් මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වුණේ ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන්.

පැරිස් නගරය හරහා ගලා යන සෙන් නදියේ, එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග කිලෝමීටර් 6ක දුරක් යාත්‍රා කළා.

කණ්ඩායම් 205ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,800ක් බෝට්ටු 85කින් ප්‍රංශ අගනුවර වඩාත් ප්‍රසිද්ධ බිම් සලකුණු පසුකර මෙම ගමනට එක්වී සිටියා.

එහි ඉදිරියෙන්ම ගමන් කළේ ඔලිම්පික් ඉතිහාසය හා බැඳුනු ග්‍රීසියයි.

ප්‍රංශයේ ඉතිහාසය, ඔලිම්පික් ඉතිහාසය විවිධ අවස්ථා නිරූපණය වන අයුරින් එක් කළ විචිත්‍රාංග රැසකින් සමාරම්භ උළෙල වර්ණවත් වී තිබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් ඔලිම්පික් සදහා සුදුසුකම් ලබාගත් අතර ඔවුන් ශ්‍රී ලංකා ධජය රැගෙන සෙන් නදිය දිගේ ඉදිරියට ගමන් කළා.

2024 පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භය නිළ වශයෙන් ප්‍රකාශ පත්කරනු ලැබුවේ ද ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින්.

ඉන් අනතුරුව ඔලිම්පික් ගිනිසිළුව හිටපු පාපන්දු ක්‍රීඩක මෙන්ම වර්තමාන රියාඩ් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණූකරු සිනෙඩීන් සිඩෑන්ට ලබා දීම සිදු වුණා.

සුපිරි ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ඉන් අනතුරුව ඔලිම්පික් ගිනිසිළුව ලබාගත් අතර අවසානයේ ඔලිම්පික් පහන දැල්වූයේ ප්‍රංශ ජූඩෝ ක්‍රීඩක ටෙඩී රයිනර් සහ ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූ කෙටිදුර ධාවන ශූරී මාරි ජෝස් පෙරෙක් විසිනි.

ප්‍රංශ දුම් රිය ගමනාගමනයට බාධා එල්ල වීම හා විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවුවත් විචිත්‍රවත් සමාරම්භ උත්සවය සාර්ථකව නිමාව සනිටුහන් කළා.

සමාරම්භක උත්සවයේ නිමාව සනිටුහන් කළේ ප්‍රවීන ගායන ශිල්පිනී සෙලීන් ඩියෝන්ගේ ගායනයකින් අනතුරුවයි.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!