සිංහ කෙල්ලෝ ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියූ වගයි

පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් වුණා.

ඒ ඉන්දියානු කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පත් වුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 166ක් හඹා ගිය අතර ඕවර 18.4කදී ලකුණු 167/2ක් රැස්කරමින් ජයග්‍රහණය කිරීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය උදා කර ගත්තා.

හර්ෂිතා සමරවික්‍රම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ආවේ පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින්.

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩා නගා ගනු ලැබුවා.

කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වුණා.

චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීම ද විශේෂත්වයකි.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...