ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් අවසන් තරගය නැරඹීම සඳහා විසිදහසකට ආසන්න ප්‍රේක්ෂක ජනතාවක් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත අද (28) පස්වරුව වනවිට ළඟාවී සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පවසා තිබෙනවා.
කාන්තා ක්‍රිකට් තරගාවලියක් නැරඹීම සඳහා මෙතරම් විශාල ජනතාවක් පැමිණි පළමු අවස්ථාව මෙය බවත් චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්ව එක දිගට දැක්වූ දක්ෂතාවයන් නිසා මෙතරම් ජනතාවක් පැමිණෙන්නට ඇති බවටයි විශ්වාසය පළවන්නේ.
ඇතැම් විට ලෝකයේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹූ වැඩිම ප්‍රේක්ෂක ජනතාව මෙදින දඹුල්ලෙන් වාර්තා වන්නට ඇති බව ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලීමක් සිදුකළ යුතු යැයි සුජීවගොඩ ලියද්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට පෙර තරග සියල්ල අපරාජිතව පවත්වාගෙන යෑම මෙම තරග නැරඹීම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම රට මැද ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පිහිටා තිබීමේ නිසා මේ හා විශාල ජනතාවක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන්නට ඇතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.