ජනපති රනිල් කතානායක සහ අගවිනිසුරු අමතයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කරන ලද්දේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාටත් ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකතයෙන් අමතමිනි.

පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ අගවිනිසුරුවරයාට තවදුරටත් දැනුම් දී තිබෙනවා.

සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!