මෝටර් රථයට ගංජා දැමූ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

රථවාහන පරීක්ෂාවක් අතරතුර තරුණයින් පිරිසක් ගමන් ගත් මෝටර් රථයට ගංජා එක් කර අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ජුලි 24 වැනිදා කොල්ලුපිටියේදී සිදුවූ මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යවල ද ප්‍රසිද්ධ වුණා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට පැමිණි මෝටර් රථය තුළ තරුණයින් පස් දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වුණේ.

වීඩියෝ පටයේ සටහන් වූ ආකාරයට අදළ තරුණයින් පොලිස් නිලධාරියා සිය රථය තුළට බලෙන් ගංජා දැමූ බවට චෝදනා කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා මේ පිළිබඳ කළ විමර්ශනයෙන් අනතුරුව කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

නිල ඇඳුමින් සිටියදී බුලත් විටක් හපමින් රියදුරු හෝ මගීන් නොමැතිව වාහන සෝදිසි කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා අතර වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Latest News

error: Content is protected !!