කාන්තා ආසියානු කුසලාන T20 අවසන් මහා තරගය අද

9 වැනි කාන්තා ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පස්වරුවේ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරය.

මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පැමිණ සිටී. සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනුත් මෙවර අවසන් තරගය සඳහා සිය ස්ථානය වෙන් කරගත්තේ අපරාජිතවය.

ඉන්දීය කණ්ඩායමක් ආසියානු කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 9වැනි අවස්ථාව මෙයයි. එහිදි ඉන්දීය ක්‍රීඩිකාවන් අවස්ථා 7කදී ආසියානු ශූරියන් ලෙස කිරුළ හිමිකර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහ තරගයක් සඳහා අවස්ථා 6කදී සුදුසුකම් ලබා ගෙන තිබෙන අතර ඔවුන් අවස්ථා 5කදී ආසියානු අනුශූරියන් බවට පත්වීමට සමත් වුණා.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!