අනුර වෙනුවෙන් ඇප බැඳීම මේ සතියේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මෙම සතියේ සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ මුල් දින කීපයේ දී එසේ ඇප මුදල් තැන්පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් කරනා බවත් ඒ පිළිබඳ කිසිදු සැකයක් නැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

error: Content is protected !!