අපේක්ෂකයින් වැඩි වුණොත් ජනාධිපතිවරණයට වෙන දේ

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් වැඩි වුවහොත් මැතිවරණය පැවැත්වීම සඳහා වන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බවත් එය ජනතා මුදල් විනාශ කිරීමක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ලැබෙන වරප්‍රසාද, ගුවන්විදුලි රූපවාහිනී අවකාශය, ඡන්දපොල නියෝජිතයන් භාවිත කරමින් තවත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට බොහෝ විට කටයුතු කිරීම වැනි අතීත සිදුවීම් වලින් මනාව පෙන්නුම් කරන බවයි ඔහු පවසන්නේ.

පසුගිය 2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව අඟල් 26ක දිගින් යුතුව මුද්‍රණය කිරීමට සිදුවුණා.

රජයේ මුද්‍රණාලයේ මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැක්කේ උපරිම දිග ප්‍රමාණය අඟල් විසිහතහමාරක් බවත් අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව වෙනස් කර මුද්‍රණය කිරීමට සිදුවන බවත් ඔහු පවසනවා.

එවිට මුද්‍රණ වියදම්, ඡන්ද පෙට්ටි ඇතුළු සියලු වියදම් වැඩිවන බැවින් අපේක්ෂකයන් වැඩි වනවිට මැතිවරණ වියදම් වැල් පොලී ක්‍රමයට ඉහළ යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදි වැඩිම වියදම ලෙස ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුව. පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලය හා සම්බන්ධව බවයි ඔහු පවසන්නේ.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...