පොලිස් වෙස්ගෙන මංකොල්ල කාලා.. ටෙලි නිළියන් සමඟ සම්බන්ධතා පැවැත්වූ දර්ශන ජංගම දුරකතනයෙන් මාට්ටු වෙයි

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු බවට හඟවා කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයන් බියගන්වා රන් ආභරණ, මුදල් ඇතුළු දේපල කොල්ල කන ලද හා ඔවුන්ව ලැඟුම්හල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු හා ආධාර අනුබල දුන් ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට කැස්බෑව පොලීසිය සමත්ව තිබෙනවා.

පොලිස් භාරයට ගත් ජංගම දුරකථන දෙකක සැකකරු ටෙලි නාට්‍ය නිළියන් හා තවත් සුරූපි කතුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතා දර්ශන තිබූ බවත් පොලීසිය පවසනවා.

සැකකරු කොල්ලකන ලද මුදල් ටෙලි නාට්‍ය නිලියන් හා සුරූපී කාන්තාවන්ගේ ඇසුර සඳහා වියදම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ

එම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,200ක් ටෙලි නාට්‍ය නිළියකගේ ජාතික හැඳුනුම්පතක් සහ තවත් කාන්තාවන් සිව් දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් 4ක් මෙන්ම පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් සහ දුරකථන සිම්පත් 18ක් හා ස්මාට් ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මීට ආධාර අනුබල දීම මත ත්‍රිරෝද රථ රියදුරු මෙන්ම ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...