CEO කෙනෙක්ටත් වඩා පඩියක් ගන්න කරීනාගේ පුතාගේ නැනී

කරීනා කපූර්ගේ වැඩිමහල් පුත් තායිමූර් සහ ඔහුගේ නැනී ලලිතා ඩී සිල්වා සමාජ මාධ්‍යවල බෙහෙවින් ජනප්‍රියයි.

බොහෝ දෙනෙකු පවසන්නේ ආයතනයක් ප්‍රධාන විධායක නිලධාරියෙකුටත් වඩා වැටුපක් ලලිතා උපයන බවයි.

කෙසේ වෙතත්, ඇයගේ වැටුප පිළිබඳ නිශ්චිත වාර්තා නැහැ.

ලලිතා ඇගේ වැටුප පිළිබඳ ප්‍රථම වතාවට මාධ්‍ය සමඟ හෙළිදරව් කර තිබුණේ මේ අතරයි.

ඔබට රුපියල් ලක්ෂ 2.5 ක මාසික වැටුපක් තිබේදැයි ඇසූ විට ලලිතා එම ‘කටකතා’ වලට සිනාසෙමින්, “රුපියල් ලක්ෂ 2.5? මම කැමතියි එයට යනුවෙන් සඳහන් කළා.

කෙසේ වෙතත් එම සම්මුඛ සාකච්ඡාවේදී,
කරීනා කපූර් සහ සායිෆ් අලී ඛාන් ඔවුන් වෙත දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රකාශ කරමින් ඔවුන් කාර්ය මණ්ඩලය සමඟ එකම ආහාර බෙදා ගන්නා බව හෙළි කර සිටියා.

“ඔවුන් එතරම් සරල මිනිසුන්” බව ඇය පැවසුවා.

“කාර්ය මණ්ඩලය සඳහා වෙනම කෑම නැහැ. අපි හැමෝම එකම කෑම මේසයක වාඩි වී කෑම කාපු වාර අනන්තයි”

ලලිතා ඩී සිල්වා මුම්බායි හි ළමා රෝග හෙදියක් වන අතර, ඇය උපතේ සිටම සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර්ගේ පුතුන් දෙදෙනා වන තයිමූර් සහ ජෙහ් රැකබලා ගත් කාන්තාවයි.

ඇය සයිෆ් සහ කරීනාගේ නිවසේ රැකියාවට පැමිණීමට පෙර, ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුතු තරුණ ආනන්ත් අම්බානි වෙනුවෙන් සේවය කළ බවයි වාර්තා වන්නේ.

පසුගිය දා පැවැත්වුණු ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල්‍යයට ද ලලිතාට ආරාධනා ලැබී තිබුණා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...