අතවරයක් ගැන පැමිණිලි කිරීමට ගිය 14 දැරියට උප පොලිස් පරීක්ෂකවරයෙකුත් අතවර කරලා

තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කුලියාපිටිය කඳානගෙදර පොලිසියට පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු ද පොලිසිය තුළදීම දැරියට අතවර කිරීම පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්‍තේ තමා පැහැරගෙන ගිය තරුණයකුට එරෙහිව පැමිණිලි කිරීම සඳහා මවත් සමග කඳානේගෙදර පොලිසියට ඉකුත් 27 දා පැමිණි අවස්ථාවේය.

එදින කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කඳානගෙදර පොලිසියට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරියගේ කටඋත්තරය සටහන් කරමින් සිටි පොලිස් කාන්තාවක් දැරිය එහි නතර කර විනාඩියකට දෙකකට වෙනත් අංශයකට ගිය අවස්ථාවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා දැරියට අතවරයක් සිදුකර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

මෙම සිද්ධිය සැළ වූ විගස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එහි පැමිණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිරමැදිරියට දමා ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද තහනම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...