පොලිස්පති ගැටලුව ලිහා ගැනීමට ජනපති යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යොදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මෙලෙස සුදානම් වන බවත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුව වී ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා නම් කළ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද වීමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ඡන්දය දීමට නොපැමිණිම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව තීරණය කිරීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්, මෙලෙස ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු දෙක සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගනු ඇති බවත්, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියේ උප වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!