ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනකට කැඩේ

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් තිදෙනෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකර කැඩී ගොස් ඇති බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවට මත පළ කර තිබෙනවා.

මේ අතර දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවත් පක්ෂ මූලස්ථානය තියෙන්නේද තම කණ්ඩායම අතේ හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බව ද ඔහු කියා සිටියා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...