අන්තිම තීන්දුව ගනී.. පොහොට්ටුව ලකුණින් වෙනම අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය නොදී ඒ වෙනුවට තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කළා.

මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්ද 68කින් සම්මත වුණා.

පොහොට්ටුවෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි එහිදී ප්‍රකාශ වුණේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයෝ 82ක් ඇතුළත්.

එහෙත් මෙම රැස්වීමට සහභාගි වූයේ නියෝජිතයන් 79 දෙනෙකු පමණි.

තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.

ඒ අනුව පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව විවිධ කතාබස් ඇතිවීමෙන් එම සභාවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.

මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප් , රමේෂ් පතිරණ, කාංචන විජේසේකර ප්‍රසන්න රණතුංග පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ජයග්‍රහණය කළ හැකි සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද වනතුරු සහාය ලබාදුන් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරණයේදී තමාට සහය දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!