පොහොට්ටුව ඇතුළේ ඇත්තටම වුණු දේ.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉල්ලුවේ රනිල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් වුණා.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිනියගේ දියණිය පවා ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීමද විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය හෙයින් එයට සියලුම දෙනා එකග විය යුතු බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...