පොහොට්ටුවෙන් කැඩුණු මැති ඇමතිවරු වජිරගේ නිවසේ රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට ඊයේ (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ප්‍රිදර්ශන ඇතුළු ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් පිරිසක් ඒ අතර වුණා.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමඟ පැවැති මෙම හමුවේදී අදහස් දක්වමින් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසූයේ පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් එකසිය පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්වී සිටින බවයි.

පොදු ජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකවරයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන ද තවත් වේගවත් වන බව එජාප සභාපතිවරයා මෙහි දී පවසා තිබෙනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...