එක් වූ අයට ස්තූතියි.. අනිත් අයටත් තවම වෙලාව තියෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ෆෙස්බුක්,X සමාජ ජාල ගිණුම්වල විශේෂ සටහනක් තබා තමා වෙත සහයෝගය දැක්වූ සියලුම මන්ත්‍රීවරුන් වෙත ස්තූතියි පිරිනමා තිබෙනවා.

ඔහු තැබු සටහන මෙසේය.

“මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ.

රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නැතිව අරගල කරද්දී, ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබ ගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරි ගැන්නුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා, වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමනේ අතර මගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තුති කරන්න කැමතියි.

මේ වෙලාවේ අප සමඟ එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මඟේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා. පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපට තව බොහෝ දේ කළ හැකියි.

තවමත් අප සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න ඕනි, අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදු වෙමින් පවතිනවා, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම කෙනක්ම අපට අවශ්‍යයි. මේ ගමන පහසු එකක් නොවුණත්, අපි එකතු වීමෙන් රටට සහ මහජනතාවට අපේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එකට එක්ව, අපි සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.

අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්යය ගැන මම අවසාන වශයෙන් ඔබට ස්තුති වන්ත වෙන්න කැමතියි.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!