සජිත්ගේ හුස්ම සහ සක්වළ නවත්වයි

සමගි ජනබලවේගය විසින් දීප ව්‍යාප්තව සිදු කරනු ලැබූ ප්‍රජා සත්කාරක වැඩසටහන් අත්හිටුවීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැතිවරණ කොමිෂන් සභාව සිදු කළ දැනුම්දීමකට අනුව ‘සක්වල’ වැඩසටහන අත්හිටුවීමට තීරණය කළ බව ද එස්.එම් මරික්කාර් මහතා එහි දී සඳහන් කළා.

කෙසේ වෙතත් තම පක්ෂය විසින් ක්‍රියාත්මක කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ජනතා මුදල් භාවිත කිරීමක් හෝ අවභාවිතවක් සිදු කර නොමැති බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

එවන් පසුබිමක වූව ද මැතිවරණ නීතිවලට ගරු කරමින් මෙම තීරණය ගත් බවයි, ඔහු අවධාරණය කළේ.

වත්මන් ආණ්ඩුව දීර්ඝ කාලයක සිට “සක්වල” වැඩසටහන හා කෝන්තරයක වෙලී සිටිනවා.

තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය හා ටැබ් ආදිය ගැන ව්‍යාජ සිහින ජනතාවට ලබා දෙන අතරම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් තොරතුරු තාක්ෂණ විෂය ඉවත් කර ඇත්තේද එහි ප්‍රතිපලයක් වශයෙන් බව ද මරික්කාර් මහතා පෙන්වා දුන්නා.

මේ අතර ජාතික පුවත්පතකට අදහස් පළ කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබුණේ, ‘හුස්ම’ වැඩසටහන ද මැතිවරණ කොමිෂන් සභාව සිදු කළ දැනුම්දීමකට අනුව අත්හිටුවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් රජයේ මුදල් අවභාවිතා කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදාදීම, ශිෂ්‍යත්ව වැඩසටහන්, ආගමික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බව මහලේකම්වරයා පෙන්වා දෙනවා.

මැතිවරණ කාලසීමාවක රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වනවා.

ඒ‌ හේතුවෙන් මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කරමින් එම කටයුතු නතර කරන්නයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ලිඛිතව පැමිල්ලි කළ බවයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!