ගිනි අවියක් පත්‍තු වී දැරියක් රෝහලේ

නිවසක තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මකුළුගස් වැව පොලිසිය පවසනවා.

එම නිවස අස් කිරීමක් කරමින් සිටිය දී මෙම සිදුවීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ දේව හූය ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දැරියක්.

ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Latest News

error: Content is protected !!