ළමා නැටුම් වැඩමුළුවක් අතරතුර පිහි ඇණුමෙන් දරුවන් දෙදෙනෙක්‍ මරුට

ළමා නැටුම් වැඩමුළුවකදී සිදු වූ දරුණු පිහි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සවුත්පෝට් හි හාර්ට් වීදියේ පැවති මෙම වැඩමුළුව අතරතුර සිදු වූ පිහි ඇණුමෙන් ළමයින් ආරක්ෂා කිරීමට උත්සාහ කළ වැඩිහිටියන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් සැකපිට ලැන්කෂයර් හි 17 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ප්‍රහාරයේ අභිප්‍රාය “පැහැදිලි” නමුත් එය ත්‍රස්තවාදයට සම්බන්ධ දෙයක් ලෙස නොසලකන බව ද පොලිසිය සඳහන් පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!