අනුරාධපුර පොහොට්ටු බලය ගිලිහේ.. එස්.එම් චන්ද්‍රසේන රනිල් පිළට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට එක් වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ද එක් වී සිටිනවා.

ඔහු නිල වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව අද (30) දැනුම් දෙනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාරක සභා රැස්වීමට සහභාගී වෙමිනි.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේ දීත් සහයෝගය පළ කරන බව ද එස්.එම් චන්ද්‍රසේන මෙහි දී පවසා සිටියා.

Latest News

error: Content is protected !!