විරාත් කෝලිට කොළඹ දී රසිකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර

හිටපු ඉන්දීය නායක විරාත් කෝලි ඊයේ (ජූලි 29) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි පසු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් ඔහුට උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.

විරාත් දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමටයි.

ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමෙන් පසු විරාත් ඔහුගේ පවුල සමඟ එක්සත් රාජධානියට ගොස් සිටියා.

විරාත්, සිකුරාදා (අගෝස්තු 2) ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයින් අතර අතිශය ජනප්‍රිය ඉන්දීය පිතිකරු විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගය ලෙස ඊට සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සුදු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ බෑගයක් සහ ගමන් මල්ලක් සමඟ සංගීතයට සවන් දෙමින් ගුවන් තොටුපළේ දක්නට ලැබුණු අතර රසිකයින් ඔහුට සමීප වීමට උත්සහ කරන ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ ඔස්සේ දැක ගත හැකි වුණා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...