පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඊයේ ගත් තීන්දුව දෙවැනි වන්නේ අරගලයට ගහන්න ගත්තු තීන්දුවට පමණයි

පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් අද (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී සහය පළ කිරීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (29) රැස්වී ගත් තීන්දුවට එම පක්ෂයේ බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් එකඟ නොවන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ඊයේ රැස් වුණු දේශපාලන මණ්ඩලය පිළිබඳ බරපතල ගැටලු පවතින බවත් එයට සහභාගී වී සිටි බොහෝ දෙනෙක්‍ හඳුනන්නේ නැති බවයි ඔහු පවසා සිටියේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂය ගත් එම තීන්දුව දෙවැනි වන්නේ අරගලයට පහර දීමට ගත් තීන්දුවට පමණක් බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...