හෙද හෙදියන් නිල ඇඳුමෙන් සහභාගී වුණේ ජාතික ජන බලවේගයේ සමුළුවකට නොවේ.. කැෆේ සංවිධානය වෙත පැහැදිලි කිරීමක්

සමස්ත ලංකා හෙද සංගමයේ 2024 වාර්ෂික සමුළුව පිළිබඳ මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු වී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් එම සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය වෙතයි.

එම සමුළුව සඳහා හෙද හෙදියන් නිල ඇඳුමෙන් සැරසී සහභාගී වීම “පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොද ගැනීමක්” බවට කැෆේ සංවිධානය චෝදනා කළා.

එම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් සමස්ත ලංකා හෙද සංගමය පවසා ඇත්තේ 2024.07.28 වන දින මහරගම තරුණ සේවා සභාවේ දී දහස් ගණනක හෙද කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබුවේ එම සංගමයේ වාර්ෂික ජාතික මහා සමුළුව බවයි.

ඒ සඳහා ආයතන සංග්‍රහය අනුව ඔවුන්ට එක් දිනක නිවාඩුවක් සහ දුම්රිය බලපත්‍ර කට්ටලයක් ද හිමි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ද ලබාගෙන ඇති බව සංගමය පෙන්වා දෙනවා.

ඉතිහාසය තුළ සමුළුවලින් පරිබාහිරව දේශපාලනඥයින්ගේ උපන්දින සැමරීමට, ඔවුන් වෙනුවෙන් කිරි අම්මාවරුන් සඳහා වන දාන මාන ලබාදීම, හෙද ජනපති ජන හමු ආදියට නිල ඇඳුමෙන් හෙද හෙදියන් සහභාගී කර ගත් අවස්ථා මෙන්ම වර්තමානයේ පාසල් කාලය තුළදීම ගුරුවරුන් සහ සිසුන් දේශපාලන වැඩසටහන් සඳහා යොදාගන්නා අවස්ථා කැෆේ සංවිධානයට නිරීක්ෂණය නොවීම පිළිබඳව ද සමස්ත ලංකා හෙද සංගමය පැහැදිලි කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඒ සඳහා සහභාගී වූයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පමණයි. සංගමය ඔහුට ආරාධනා කරනු ලැබුවේ ඔහු මේ වන විට දෙස් විදෙස් හි පිළිගනු ලැබූ ජනප්‍රිය නායකයකු වීම නිසා බවත් එම තීරණය සංගමයේ විධායක සභාවෙන් අනුමත වන විට ජනාධිපතිවරණයක සේයාවක්වත් නොතිබූ බව ද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...