රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුත් ළඟදීම රනිල්ගේ වේදිකාවට.. විමල් වීරවංශගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරය සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ අනුව ඊයේ උදෑසන වන විට අසූවකට වැඩි පිරිසක් රනිල් සමඟ සිටින බවට තමා වෙත අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබුණු බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසු ගිය කාල සීමාවේ හැට නව ලක්ෂයක ඡන්ද ලබා ගත් පක්ෂයේ මන්ත්‍රීවරුන් තමා ලඟට ගෙන දේශපාලන වශයෙන් ලිංග විපර්යාසයකට ලක් කළ බවයි ඔහු පවසන්නේ.

පසු ගිය දා පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී චමල් රාජපක්ෂ නිහඬ ප්‍රතිපත්තියක් දැරීම තුළ ද පෙන්නුම් කරන්නේ එම තත්ත්වය බව ඔහු පෙන්වා දෙනවා.

“එයාටත් හෝමෝන් එක විදලා ඇති. එයා ඇක්ටිව් නැතිව ඇති. හෝමෝන් එකක් වැඩ කරන්නත් කාලයක් යනවනේ.”

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ වේදිකාවට ඉදිරියේ දී රාජපක්ෂවරයෙක් ගොඩ වුවහහොත් ඊට පුදුම විය යුතු නැති බව ද ඔහු සඳහන් කළා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...