රනිල්ට වළ කපන්න ගිහින් පොහොට්ටුව තුළ රාජපක්ෂලා තනි වේ

ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා රැස්වුණු පක්ෂයේ දේශපාලන මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහාය නොදැක්වීමට තීරණය කළා.

මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැතිව එක පිලක සිට සිය මැතිවරණ ප්‍රචාරක ජාලය ඉදිරි දිනවල සංවිධාන කිරීමට සිදුවනු ඇතැයි විචාරකයෝ පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ද දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ඔවුන්ද සිය ස්ථාවරයන් ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ මැතිවරණ වේදිකාවද දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර තම තමන්ගේ ශක්තිය පෙන්වීමේ අරමුණු කරගත් මන්ත්‍රී පිල් මාරුවීම් කිහිපයක්ද ඉදිරි දිනවල සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...